සුඛෝපභෝගි බස් රථයක තිබි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

January 15, 2021

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් සමග එහි රියදුරු අද (15) අළුයම කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව කොස්ගොඩ ප්‍රදේශයේදි කළ වැටලීමකදි බස් රථයේ රියදුරු හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථය පැදවූ පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

බස් රථයේ රියදුරු ගාල්ල සිට කොළඹ බලා පැමිණෙද්දි විවිධ ස්ථානවලදී මෙම මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවේදි මිය ගිය බව ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන ලැඩි නැමැත්තා විදේශගතව සිටිමින් මෙහෙයවන ලදදක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 07 ක රැදවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

t

o

p