මුතුරාජවෙල තෙත් බිම යම් සංවර්ධන කටයුත්තක් සදහා යොදා ගැනීම කාල බෝම්බයක් ඇටවීමක් බඳු අතිශය අන්තරාකාරී ක්‍රියාවකැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න
පවසයි.
මහාචාර්‍යවරයා මේ බව සඳහන් කළේ මුතුරාජවෙල වර්තමාන තත්වය
සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම උදෙසා පසුගිය දා පේරාදෙණියේදී පැවැත්වු
මාධ්‍ය හමුවකදී ය.
මුතුරාජවෙල පරිසර පද්ධතියේ භුගතව ඇති ආසනික් සහ අනිකුත්
බැර ලෝහ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලට අනුව මෙවැනි භුමියක් සංවර්ධන
කටයුත්තක් සඳහා යොදා ගතහොත් එහි ඇති ලෝහ ඉතා පහසුවෙන් භූගත ජලයට මුසුවිය
හැකි බවත් එය කාල බෝම්බයක් ඇටවීමක් බඳු මාරක අවදානම් තත්වයක් බවත්
මහාචාර්‍යවරයා අවධාරණය කළේය.
මීට පෙර බංග්ලාදේශය මෙවැනිම තෙත් බිම් ප්‍රදේශයක ජනයා පදිංචි කර ඔවුන්ට
කුඩා ජල නළ මගින් නළ ළිං ඉදිකර ජලය ලබා දී තිබූ අතර මේ නළ ලිං ඉදි
කිරීමේ දී භූ ගත ජලයේ රසායනිකයන් පිළිබඳව විමසා නොබලා ජල සැපයුම් දීම
නිසා එම ජලයට ආසනික් විෂ මුසුව තිබීම මත මෙම ජලය පානය කිරිම නිසා එම
ප්‍රදේශයේ පදිංචි කළ ජනතාව සිය ගණනින් මිය ගිය බවත් දහස් ගණනින් රෝගාබාධ
වලට ලක් වූ බවත් මහාචාර්‍යවරයා සදහන් කළේ ය.
මේ වන විට මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර්ස් ප්‍රයිව්ට් ලිමිටඩ් නම් සමාගමක්
විසින් ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඇතුළු සංචාරක කලාපයක් සඳහා යැයි කියමින්
මුතුරාජවෙල තෙත් බිමෙන් අක්කර හත් සියයක් අත්පත් කරගෙන ඇති අතර
ඒසම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් බලවත් විරෝධයක් එල්ල වෙමින්
තිබේ. එහෙත් ,ඒසම්බන්ධයෙන් එම ප්‍රදේශ වාසීන් කියන්නේ මෙය කැසිනෝ
ව්‍යාපාරවලින් ප්‍රකෝටිපතියකු වූ පුද්ගලයකු විසින් තැනීමට සැරසෙන දෙස්
විදෙස් ධන කුවේරයන් සඳහා වන සුපිරි නේවාසික කලාපයකට අවශ්‍ය බිම් සැකසීමක්
බව ය . බාහිර කිසිවකුටත් ඇතුළු විය නොහැකි එම නේවාසික කලාපය සුරා සූදු, තුරඟ තරඟ සේම ගණිකා සේවනය සඳහා ද කැප නිදහස් කලාපයක් බව මුතුරාජවෙල පරිසර සංවිධාන නියෝජිතවරු කියති.
මුතුරාජවෙල සහ මීගමු කලපු සංරක්ෂිත ප්‍රදේශ සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම
බිහිසුණු තර්ජනය පිටු දැකීම පිණිස පසුගිය ජනවාරි 07 වන දින අගරදගුරු නිල
නිවසේ පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය. මෙම මාධ්‍ය
සාකච්ඡාවේ දී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සේම “සුරකිමු ශ්‍රී
ලංකා” ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පාහියන්ගල ආනන්ද සාගර හිමි, ප්‍රදේශයේ
දේවස්ථාන බාරව කටයුතු කරන ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා මෙන් ම එම
ප්‍රදේශයේ දේවස්ථාන වල පියතුමන්ලා සහ “මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය”
වෙනුවෙන් දිනූෂ නානායක්කාර, “පරිසර යුක්ති කේන්ද්‍රය” වෙනුවෙන් හේමන්ත
විතානගේ ද අදහස් පළ කොට තිබිණ.
මේ අතර මෙම පරිසර සංහාරයට එරෙහිව “සුරකිමු මුතුරාජවෙල” සංවිධානය විසින්
සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පසුගිය 14 වන දා ජා-ඇල නගරයේ දී පවත්වනු
ලැබිණ. මුතුරාජවෙල ගොඩකිරීමේ මෙම පරිසර සංහාරක කටයුතු සදහා රාජ්‍ය ආයතන
කිහිපයකම සහයෝගය ද ලැබී ඇති අතර පරිසරය සුරකින බවට ජනතාවට ප්‍රතිඥා දී
බලයට පැමිණි වත්මන් රජය ද මෙම පරිසරය විනාශයට දායක වී ඇති අතර රාජ්‍ය
නිලධාරීන් මුතුරාජවෙල ගොඩකිරීම සදහා අවසර ලබා දෙන්නේ වත්මන් රජයේ දේශපාලන
ප්‍රබලයන්ගේ අවශ්‍යතා මත බව ද විරෝධතා කරුවෝ කියා සිටියහ. මෙම උද්ඝෝෂණය
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභා මන්ත්‍රී
මහින්ද ජයසිංහ සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාව
මුල් කොට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබිණ.
පසුගිය දා පේරාදෙණියේ පැවැති මාධ්‍ය භමුවේ දී මහාචාර්‍ය අතුල සේනාරත්න
මහතා මෙසේද පැවැසීය.
“බංග්ලා දේශයට සමාන භූ රසායන තත්වයක් මුතුරාජවෙල භූමි අභ්‍යන්තරයේත්
තියෙන්න පුළුවන්. මෙම ප්‍රදේශය යම් සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගත්තොත්
මුතුරාජවෙල පරිසර පද්ධතියේ භුගතව ඇති ආසනික් වගේම අනිකුත් ඛනිජ වාතයට
මුසු වූ විගසම ජලයේ දියවීම ඉතා අධික බැවින් මෙම බැර ලෝහ ජලයේ ඉතා
ඉක්මනින්ම දියවෙන්න පටන් ගන්නවා. එයින් ජලය දූෂණය වීම නැවැත්විය නොහැකියි.
ඒ නිසා මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිරිම ඉතාම අවදානම්. එම අවදානම
පිළිබඳව මුතුරාජවෙල මුල් කොට සැකසුණු පර්යේෂණ කෘති රාශියකින්ම ප්‍රකාශ
කර සිතිබෙනවා 1992 දී පමණ ලියවුණු “මුතුරාජවෙල මහ සැලැස්මේ” පවා ඒ බව
සඳහන්.
මුතුරාජවෙල කියන්නේ මීට වසර 39,000 ට හා 40,000 ට පෙර තිබූ
කලපුවක්. එය ක්‍රමයෙන් ගොඩවි අද තිබෙන තත්වයට පත් වී තිබෙනවා මෙහි
මුහුද ආශ්‍රිතව අවසාධිත තැන්පත් විමේ දී ඒ සමගම මුහුදු ජලයෙන් නිස්සාරණය
වූ ලෝහ රාශියක් මෙහි එක් එක් ස්ථර වල තැන්පත් වී තිබෙනවා. මේ තැන්පත් වි
ඇති ස්ථර අතර ආසනික් , රසදිය හා අනිකුත් බැර ලෝහ තිබිය හැකියි. මේවා
ස්භාවිකවම මුහුදු ජලයෙන් හා ශාක මගින් නිස්සාරණය වි එක්රැස් වු
මුලද්‍රව්‍ය. ඒ වගේම මේවා ස්වාභාවික සංයුතියක් නිසා කිසිවෙකුට වෙනස්
කිරීමට නොහැකියි.
මුතුරාජවෙල පරිසර පද්ධතියේ යම් සංවර්ධන කටයුත්තක්
සිදුවුවහොත් මේ ලෝහ ඉතා පහසුවෙන් ජලයේ දිය වීමෙන්
ජනතාවට මාරක විපත් වලට මුහුණ දෙන්න සිදුවනවා.ඒ නිසා මුතුරාජවෙල පරිසර
පද්ධතිය කිසිම සංවර්ධන කටයුත්තකට යොදා නොගෙන සොබා දහමේ නියමයට අනුවම
පාරිසරික කලාපයක් ලෙස පැවතීමට ඉඩ දිය යුතුයි.නැත්නම් සිදු වන්නේ මහා
විනාශයක් මහාචාර්ය වරයා කීය.