අත්අඩංගුවට පත් මුහුණු ආවරණ නොපැළදි අයගෙන් 14 ට කොරෝනා

January 6, 2021

මුහුණු ආවරණ නොපැළදින පුද්ගලයන් සොයා බස්නාහිර පළාත තුළ කළ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් 1060 දෙනාට කළ පි.සි.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් පුද්ගලයන් 14 ක් කොරෝනා අසාදිතයන් බවට සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය.

බස්නාහිර පළාතේ තෝරාගත් පොලිස් බල ප්‍රදේශයන්හි මුහුණු ආවරණ නොපළදින අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුනට රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණ කිරිමටත් මෙහෙයුමක් ඊයේ (05) ආරම්භ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීගමුව, කොච්චිකඩේ, පමුණුව, කොටදෙණියාව, දිවුලපිටිය, ගම්පහ, මිනුවන්ගොඩ, ගණේමුල්ල, මිරිගම, වේයන්ගොඩ, කිරිබත්ගොඩ, පෑලියගොඩ, කඩවත, වත්තල, බියගම, සපුගස්කන්ද, කැළණිය, මීගහවත්ත, බොරලැස්ගමුව, වැල්ලම්පිටිය, හංවැල්ල, නවගමුව, ගොතටුව, කහතුඩුව, පිළියන්දල, මත්තේගොඩ, කළුතර දකුණ, අලුත්ගම, මතුගම, පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශන්හි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

එහිදි මුහුණු ආවරණ නොපැලදි පුද්ගලයන් 1060 ක් නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 550 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ කර තිබේ. රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ කළ අයගෙන් 14 දෙනෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව හදුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් අයගෙන් පුද්ගලයන් 510 දෙනෙකුට පි.සි.ආර් පරික්ෂණ පවත්වා ඇති අතර එහි වාර්තා ලැබීමට නියමිතව තිබේ.

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් නිවසින් පිටතට යන විටදි මුහුණු ආවරණ නිසිලෙස පැළැද දුරස්ථභාවය නිසි ලෙස පවත්වාගෙන කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

t

o

p