කහ කිලෝ 1128 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් මෝදරින් අල්ලයි

January 6, 2021

කහ කිලෝග්‍රෑම් 1128 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ කහ තොගය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කහ තොගය මෙරටට පැමිණි ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති අතර කහ කිලෝ 24 බැගින් වු දවටනවල ඇසුරා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකරුවන් හා ලොරි රථය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

t

o

p