මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

January 3, 2021

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 211 දන්වා ඉහළ යනු ඇත.   

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක්, අනන්‍යතාවය සහතික කළ නොහැකි නොමැති අවුරුදු 70ත් 80ත් අතර වයසැති මරදාන පොලිස් වසමේ පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

t

o

p