අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් මිලියන 20 සීමාව පසු කරයි

January 3, 2021

අමෙරිකා එක්සත් ජනපදය 2021 ජනවාරි 01වනදා ගෙවා දැමුවේ, කොවිඩ්-19 වසංගතය ට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 20 සීමාව පසුකරමිනි.

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව මේ අනුව වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනදයෙනි.

අමෙරිකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩි මරණ සංඛ්‍යාව වන 3,927 වාර්තා වූයේ දෙසැම්බර් 30 වැනිදා වීම ද විශේෂත්වයකි. වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා අමෙරිකානුවන් ලක්ෂ තුනහමාරකට ආසන්න සංඛ්‍යාවක් එනම් 346,000 ක් පමණ කෝවිඩ් හේතුවෙන් මරු දැක තිබේ.

t

o

p