ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

January 2, 2021

ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට අනුමැතිය දී ඇත.  

සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයවේ.  

එමෙන්ම යුනිසෙෆ් සංවිධානය හරහා දිළිඳු රටවලට මෙම එන්නත ලබාදීමටද එමගින් ප්‍රතිපාදන ලැබීම විශේෂත්වයකි.

t

o

p