තරගාවලි පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකා පිල හෙට ජොහැනස්බර්ග් පිටියට

January 2, 2021

කුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (3) ජොහැනස්බර්ග්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි.

පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එබැවින් ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයෙන් හෙට තරගයට එක්වන අතර, තරගාවලි 2කදී අඛණ්ඩව රැකගෙන ආ අපරාජිත වාර්තාව බේරා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. ඒ සඳහා වසර 20කට පසුව මේ තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම අනිවාර්ය වී තිබේ.

t

o

p