සේවය අවසන් කිරීමේ වන්දිය ඉහළ දමනවාට හාම්පුතුන්ගේ විරෝධය

January 2, 2021

සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත.

පසුගිය සතියේ කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වාද සහභාගි වූ ජාතික කම්කරු උපදේශක සභාවේ දී සේවා යෝජකයන්ගේ සම්මේලනය මෙම විරෝධය මතු කර තිබේ.

එම රැස්වීමේදී 2005 වර්ෂයේ දී හඳුන්වා දුන් සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ දී සේවායෝජකයන් විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 1.25 (රුපියල් ලක්ෂ 12.5)ක වන්දි මුදල රුපියල් මිලියන 2.5 (ලක්ෂ 25) දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ පාර්ශ්වය අවධානය යොමු කර ඇත.

t

o

p