හෙරොයින් කිලෝවක් සමග පුද්ගයෙකු අම්බලන්ගොඩින් අල්ලයි

January 1, 2021

අම්බලන්ගොඩ බෙලිවල ප්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී යතුරු පැදියක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (31) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සොයා ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

බලපිටිය අධිකරණයට සැකකරු ඉදිරිපත් කොට අන්තරාදායක ඖෂධ පනතේ විධිවිධාන යටතේ දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිම රැදවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සැකකරු යතුරු පැදියේ පැකට් අටක් ලෙස සගවා තිබියදි පොලිසිය විසින් සොයා ගෙන ඇති අතරඔහුට මෙම හෙරෝයින් ලැබුණු ආකාරය හා ඔහුට අධාර අනුබල දුන් අය සොයා විමර්ශන පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ලංකාවට හෙරෝයින් ලැබෙන මාර්ග අවහිර කිරිමට දැවැන්ත මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇති බවත් දිගින් දිගටම මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

t

o

p