නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අවශ්‍ය නිර්ණායක සකස් කිරිම සඳහා කමිටුවක් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
කමිටුවේ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරිමෙන් පසු අදාළ පාර්ශවයන් හි දැන ගැනීමට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය වී ඇති අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ කටයුතු මෙම මස සිට ආරම්භ කිරීමට ද මැතිවරණ කොමිසම තිරණය කර තිබේ.
මැතිවරණ කොමිසම ඊයේ (31) එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා ගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එහිදි මෙම තීන්දු ගෙන ඇත.
ඊට අමතරව කොවිඩ් නිසා අතපසුව තිබෙන 2020 ඡන්ද හිමි නාමලේඛන සකස් කිරිමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත අනුව නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වී තිබේ.
තවද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය කොවිඩ් 19 නිසා කල් දැමීමට සිදුවූ බැවින් මැතිවරණයට රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබා තරඟ කළ අපේක්ෂකයින්ට වැටුප් රහිතව මාස 3 කට අධික කාලයක් සිටිමට වූ බැවින් ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබු අතර ඒ පිළිබදවද කොමිසම සාකච්ඡා කොට ඇත. මෙලෙස වැටුප් රහිතව වැඩි කාලයක් ඉන්නට සිදුවූවේ තමන්ගේ ගැටළුවක් හේතුවෙන් නොවන බවද එම පැමිණිලිවල සදහන්ව තිබි ඇත.
එහිදි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ කාලසීමාව සඳහා වැටුප් ගෙවිමට සුදුසු පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත දන්වා යැවීමටය.