අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් උත්සව, සැමරුම් රාත්‍රී සාද පවත්වමින් නිරෝධායන නීති කඩකරන්නේදැයි සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුම් 31 දා රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
රාත්‍රී කාලයේ අවසර නොගෙන කරනා මහජන එකතුවීම්, උත්සව හා සාද පිළිබද සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන බවත් නිරෝධායන නීති කඩකිරිමේ චෝදනාව යටතේ ඔවුනට එරෙහිව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එළැබෙන 2021 අලුත් අවුරුද්දට ඇත්තේ තව දින තුනක කාලයක් බැවින් ඒ වෙනුවෙන් පවත්වන සැමරුම් සාද පවුලේ අයට පමණක් සිමා කරගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එසේම කොළඹින් පිටව යන පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් දිගටම කරනා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.