පොලිසියට තොරතුරු දුන් පුද්ගලයාගේ අත්පා වෙන් වන්නට කැපූ සැකකරු වෙඩි වැදී මරුට

December 28, 2020

වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගයෙකුගේ අත්පා වෙන් වන්නට කපා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සමග ඇතිවු සිද්ධියකදී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු දුන්නැයි කියමින් සැකකරු විසින් පුද්ගලයෙකු දෙසැම්බර් මස 19 වන දින මාලිගාතැන්න ප්‍රදේශයේදි අතක් හා පාද දෙකක් වෙන් වෙන්ට කපා එක් පාදයක් රැගෙන ගොස් පාලු ස්ථානය දමා ගොස් තිබුනි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහුගේ තොරතුරු මත පරික්ෂා කිරිමකට වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් සිටියදී අද (28) අළුයම පොලිසිය සමග ඇතිවූ සිද්ධියකදී පොලිසිය අවම බලය භාවිතා කිරිම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදි සැකකරු මිය ගොස් ඇත. සැකකරුගේ ක්‍රියාවකට ලක්වූ පොලිස් රියදුරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ මදුරාගොඩ පදිංචි නිශාන්ත කුමාර නැමැති පුද්ගයෙකු බවත් ඔහුට මත් ද්‍රව්‍ය හා ජිව බෝම්බ ලග තබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 3 ක් තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

t

o

p