අංගොඩ ලොක්කා ගෙන්වූ බව කියන විදේශීය ගිනි අවි 2 ක් සොයා ගනී

December 24, 2020

අංගොඩ කැළණිමුල්ල ප්‍රදේශයේ පාළුවට ගිය ඉඩමක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත නවීන පිස්තෝල 2 ක් හා පෙතොරොම් සමග එක් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා නැමැත්තා මෙරටට ගෙන්වන ලද පිස්තෝල විය හැකි බව පොලිසිය සැක කරයි. ඔහු ඉන්දියාවේදී ඝාතනය වූ බවට පොලිසිය මේ වන විට සැක පහළ කරයි.

මෙවැනි පිස්තෝල කිසිදු අපරාධ කල්ලියකින් මෙතෙක් හමුවී නැතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වැටලීමෙන් මි.මි. 9 වර්ගයේ පිස්තෝල දෙකක්, ඒවාට සවිකරන පතොරොම් ගැබ් 4 ක්, ජිව උණ්ඩ 14 ක් සොයාගෙන ඇත.

මෙම පිස්තෝල දෙකෙන් එක් පිස්තෝලයක් තුර්කියේ නිෂ්පාදිත එකක් වන අතර අනෙක් පිස්තෝලය ජර්මනියේ නිෂ්පාදිත එකක් බවත් ගිනි අවි, ජිව උණ්ඩ සමග සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා මුල්ලේරියාව පොලිසියට බාරදුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

t

o

p