දරුවන් විකිණිමේ ජාවාරමේ සැකකරු ලග දරුවන් පැවරිමේ ලිපි ගොනු රැසක්

December 23, 2020

ගැබිණි මව්වරුන් මොරටුව ප්‍රදේශයේ රදවා ගෙන ඔවුනට ලැබෙන දරුවන් විකිණිමට අදාළව ගිවිසුම් ගතවූ ලිපි ගොනු 30 ට අධික සංඛ්‍යාවක් මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සොයා ගෙන තිබේ.

එවැනි ලිපි ගොනු රැසක් ඇති බවට තිබෙන සැකය මත ඔවුන් තවදුරටත් විමර්ශන කරනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මාතලේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු ගැබිණි මව්වරුන් රදවා ගෙන ඔවුන්ට ලැබෙන දරුවන් විකුණා ඇතැයි ලැබුණු පැමිණිලිවලට අදාළව මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මක වේ.

කිසිම තැනැත්තෙකුට දරුවෙකු ඉපදීමට පෙර දරුවා සම්බන්ධයෙන් මුල්‍යමය ප්‍රතිෂ්ඨානයක් මත ගිවිසුම් ගතවිය නොහැකි බවත් 2006 වසරේදි ලංකාවේ අපරාධ නීතිය එක්වූ සංශෝධනයට අනුව එය මිනිස් ජාවාරම නැමැති වරදට ගැනෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කුඩා දරුවන්, ළමයින් භාණ්ඩ ලෙස විකිණිමට ලෝකයේ කිසිදු රටක ඉඩක් නොමැති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා දරුවන් කුලවද්දා ගැනීමේ නිතියට පටහැනිව මෙය කර ඇතිදැයි පරික්ෂණ පවත්වන බවද සදහන් කළේය.

මෙම සැකකරුගේ ජාවාරමට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් කරමින් දරුවන් විකිණිමට ගිවිසුම් ගතවීමට මුදල් දුන් ආධාර අනුබල දුන් අය සොයාත් පරික්ෂණ පවත්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

t

o

p