කොවිඩ් මරණ 183ට නගී

December 23, 2020

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වන 193 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 101ක් දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 35 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16,311ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් 162 දෙනෙකු අටලුගම ගම්මානයෙන් වාර්තා වී ඇත. ඊයේ දිනය වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,876ක්.

t

o

p