බ්‍රැඩ්මන්ගේ ඔළුව කෝටි අටක් වටියි

December 23, 2020

ශ්‍රේෂ්ඨ පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් වසර 1928දී සිය මංගල ටෙස්ට් තරගයේදී භාවිත කළ ඔස්ට්‍රේලියානු හිස් වැස්ම පසුගියදා පැවැති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් 4,50,000ක වාර්තාගත මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි අටහමාරකට ආසන්න මුදලකට) අලෙවි වී තිබේ.

එම හිස් වැස්ම මිල දී ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන පීටර් ෆ්‍රීමන් විසිනි.

ඒ අනුව වෙන්දේසියකදී දෙවැනි වැඩිම මිලට අලෙවි වූ ක්‍රිකට් සමරුව ලෙස එය ඉතිහාසයට එක් විය.

t

o

p