Unilever ප්‍රමිතිය ඉහලට

December 23, 2020

ශ්‍රී ලංකාවේ විශාලතම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 තත්ව සහතිකය පිරිනැමූ බව පසුගියදා නිවේදනය කරන ලදී.

මීට අමතරව GMP සහතිකයද Unilever කර්මාන්ත ආයතනය වෙත හිමිවීම විශේෂත්වයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස සන්ලයිට්, ලයිෆ්බෝයි, සිග්නල්, ලක්ස්, පෙයාර්ස් බේබි, සන්සිල්ක්, වොන්ඩර්ලයිට්, ලිවර් ආයුෂ්, ක්ලෝස් අප්, ඩව්, ග්ලෝ ඇන්ඩ් ලව්ලි, පොන්ඩ්ස් සහ වැස්ලින් යනාදී සන්නාම 14ක Unilever නිෂ්පාදන 256ක් ISO 9001 තත්ත්ව සහතිකය යටතේ මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.

Unilever ශ්‍රී ලංකාහි රූපලාවණ්‍ය හා පෞද්ගලික ආරක්ෂණ අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය සඳහන් කර සිටියේ “ Unilever සමාගම ලෙස අපි දේශීය හා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඉහළම ගුණාත්මක නිෂ්පාදන ලබා දීමෙන් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

t

o

p