නිරෝධාන නීති කැඩූ 30 ක් අත්අඩංගුවට

December 23, 2020

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1705 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

එළඹෙන උත්සව සමයේ සෞඛ්‍ය ආරක්ෂිතව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර ඇත.

t

o

p