බස්නාහිර හැර සෙසු ප්‍රදේශවල පාසල් හා පෙර පාසල් ජනවාරියේ සිට ඇරබේ

December 21, 2020

බස්නාහිර පළාතේ සහ වෙනත් හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කළේය.

කොළඹදී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද ජනවාරි 11 වන දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.

අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ යැයි ද අමාථයාවරයා කීවේය.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් නෙවෙයි. එම නිසා මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා. සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා යැයි ද ඒ මහතා පැවසීය.

මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 – 11 ශ්‍රේණි අපි විවෘත කළ බවත් එම පාසල්වල ප්‍රාථමික පන්ති වන 1 – 5 දක්වා පන්ති 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළ බවත් ඇමතිවරයා සදහන් කළේය. ඒ අනුව බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කරන බවද ඔහු කීවේය.

t

o

p