ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
”රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා…” යයි ඔහු කියා සිටියේ ඊයේ (20 ඉරිදා ) මාතර පැවති ‘මාතර හමුවට’ එක්වෙමිනි.
‘මාතර සමාජය’ වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුනේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.