ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් දෙසැම්බර් මස 26 වෙනි දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රුසියානු සංචාරක කණ්ඩායමකට තම අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියා.
රුසියානු සංචාරක පිරිස 200 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.
ගුවන් තොටුපළ බලධාරීන්ට සහ එම සංචාරක නියෝජිතයන්ට ද සිදු කළ යුතු දැනුවත් කිරීම් සිදු කර ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.