උත්සව සමයේ කොරෝනා පලනයට සිවිල් පොලිස් නිලධාරින් 400 ක්

December 21, 2020

කොරෝනා වෛරසය පාලනයට මෙන්ම උත්සව සමයේ අනතුරු වැළැක්වීමට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පොලිස් නිලධාරින් 400 ට අධික පිරිසක් මෙලෙස බස්නාහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක යොදවා ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මෙම නිලධාරින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්, රථ වාහන මෙහෙයුම් සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

උත්සව සමයේ ගමන් බිමන් අඩු කරන ලෙසත් ගමන් බිමන්වලදී නිරෝධායන නීති ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැට කවන්නන් හා විවිධ අපරාධකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p