ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවට

December 19, 2020

දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගිවන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇත.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 26 වැනිදා හෙවත් බොක්සිං දිනයේදී සෙන්චූරියන්හිදී ආරම්භ වේ. තරගාවලියේ දෙවැනි තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දසුන් ශානක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, වනිදු හසරංග, කසුන් රාජිත, මිනෝද් භානුක, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දිල්ශාන් මධුශංඛ, සන්තුෂ් ගුණතිලක

t

o

p