උත්සව සමයේ දී ඉතාලිය වසා දැමීමට තීරණයක්

December 19, 2020

උත්සව සමය තුළ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර තිබේ.

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදියර තුනක් යටතේ නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් රට වසා දැමීමට තීරණය කළ බවය.

දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමටත් , නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා රට වසා දැමීමටත් ජනවාරි 5 වනදා සිට 6 වනදා දක්වා එක් දිනක් සඳහා ද ඉතාලිය වසා දැමීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

t

o

p