සමථ මණ්ඩල කටයුතු ඇරඹීමට යයි

December 19, 2020

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවා ඇති සමථ මණ්ඩල කටයුතු ලබන ජනවාරියේ සිට යළි ඇරඹීමට තීරණය කර ඇත.

මේ අනුව ජනවාරි 09 වන දා සිට එම කටයුතු ඇරඹීම සිදුවන බව පැවසේ.

එම තීරණය සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් සමග අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරන ලද සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

එසේම මසකට දින 4ක් සිදුවූ සමථ මණ්ඩල කටයුතු දින 6ක් දක්වා වැඩි කිරීමටද සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

t

o

p