විශේෂ කාර්ය බලකා වැටලිම්වලින් ගිනි අවි සහ වැලි ලොරි අල්ලයි

December 18, 2020

පොලිස් විශේෂ කාර්ය බලකාය දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (17) දින කළ වැටලීම්වලින් නිති විරෝධි ගිනි අවි 2 ක් බලපත්‍ර රහිත වැලි ටැක්ටර් හා ලොරි කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව නිති විරෝධි භාණ්ඩ ලග තබා ගත් හා සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් 12 දෙනෙකු ද විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා නිලධාරින් මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ කළ සෝදිසියකදී විදේශීය රටක නිෂ්පාදිත බොර 12 ගිනි අවියක් හා ඊට යෙදිය හැකි උණ්ඩ 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට බොරලැස්ස හන්දියේදි මෙරට නිෂ්පාදිත ගල්කටස් ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුවිල් දරම්පලාව රක්ෂිතයේදි මෙරට නිෂ්පාදිත ත්‍රෙඩ්වර්ගයේ ගිනි අවියක් සෙයා ගෙන තිබේ.

ඊට අමතරව පුත්තලම නවගත්තේගමදී නිතිවිරෝධි මත්පැන් මිලි ලිටර් 7500 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉගිනිමිටියේදි කේරලා ගංජා ග්‍රෑම් 40 ක් (පැකට් 35) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මඩු මාවිල්ලුව රක්ෂිතයේ දි බලපත්‍ර නොමැතිව වැලි පැටවු ට්‍රැක්ටරයක් සමග පුද්ගලයෙක්, මුතූර් කන්දල්කාඩු හිදි වැටි ට්‍රැක්ටරයක් සමග පුද්ගලයෙක්, පුල්මුඩේ හිදි වැලි සමග ට්‍රැක්ටරයක් ලෝඩර් ලොරියක් සහ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම යාපනය හතරවන හරස් විදියේ සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සියළු භාණ්ඩ හා පුද්ගයින් ඉදිරි පරික්ෂණ සහදා අදාළ වසමේ පොලිස් ස්ථාන වෙත භාර දුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

t

o

p