උත්සව සමයේ සාප්පු සංකිර්ණ, පොදු ප්‍රවාහන සේවාවන්හි කොවිඩ් මර්ධන හා නිාරෝධායන කටයුතුවල සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ නිරත වන බැවින් ඔවුන්ට සහාය දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම කාලයේදි සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම රැසක් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවත් ඒ යටතේ හදිසි පී.සි.ආර් පරික්ෂණ ඇන්ටිජන පරික්ෂණ කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එම නිසා නම, ලිපිනය, හැදුනුම්පත් අංකය හා දුරකතන අංකය සදහන් කොල කැබලි තබා ගැනීම තුළ පොරම පුරවන්නේ නැතුව තොරතුරු අදාළ නිලධාරින්ට ලබාදිය හැකි බවද ඔහු පැවසීය.
නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම විස්තර ලබාදීමට ජනතාව බැදී සිටින බවද ඔහු කීවේය. යම් අවස්ථාවක කොවිඩ් ආසාදිතයෙකු පොදු ප්‍රවාහන සේවයක ගමන් කර තිබුණොත් මගින් තොරතුරු ලබාදී තිබිම ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පහසුවක් බවද පැවැසු ඒ මහතා බොහෝ දෙනෙකු සතුව හදුන්වාදීමේ කාඩ් පත් තිබෙන බවත් ඒවා නොමැති පුද්ගලයන් මෙලෙස නම, ලිපිනය හා දුරකතන අංකය සදහන් කොල තබා ගැනීම පහසු බවත් කීවේය.
පෝරම පුරවමින් තවත් වසංගතයට නිරාවරණය වනවා වෙනුවට මෙලෙස තොරතුරු ඇතුළත් කොලය දී සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගත හැකි බවද පැවසීය