එම්.සී.සී රු. බිලියන 89 නොදෙන්න ඇමරිකාව තීරණය කරයි

December 17, 2020

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යටතේ ශ්‍රීලංකාවට දීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් හෙවත් රුපියල් බිලියන 89 ක මුදල නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

පසුගිය අගහරුවා දා (15) රැස්වූ එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බව එක්සත් ජනපද මෙරට තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකාව සදහා අනුමතව තිබු මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹායාමට, දුගී බව අඩුකර ගැනීමට සහ තම ආර්ථික වර්ධනය කර ගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකි වනු ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

t

o

p