වැලිසර ළය රෝහලෙන් පළාගිය කොවිඩ් රෝගියා හමුවෙයි

December 16, 2020

වැලිසර ළය රෝහලෙන් ක්ෂය රෝගය සදහා ප්‍රතිකාර සදහා ඇතුළත්ව කොවිඩ් 19 රෝගයට ද ප්‍රතිකාර ගනිමින් සිටියදි පළාගිය පුද්ගලයා අද (16) පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඔහු මරදාන ප්‍රදේශයේ සැගව සිටියදි සොයා ගත් බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළා ගිය අතර ව්‍යාජ ලිපිනයක් ද ලබා දී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය.

රෝගියා සොයා ගැනීම වෙනුවෙන් මහජන සහාය පතා පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඔහුගේ ඡයාරූපයක් ද මාධ්‍යය වෙත නිකුත් කර තිබුනි.

t

o

p