ළය රෝහලෙන් පලා ගිය කොවිඩ් රෝගියා සොයන්න මහජන සහය පතයි

December 16, 2020

මහභාගේ පිහිටි ළය රෝහලෙන් ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණ, කොවිඩ් බවට පසුව තහවුරු වූ රෝගියෙකු ඊයේ (15) සවස රෝහලෙන් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම රෝගියාගේ ඡයාරූප ඇති බැවින් ඔහු සොයා ගැනීමට මහජන සහාය පතන බවත් එම රෝගයා දුටු හෝ තොරතුරු දන්නා කෙනෙක් වෙතොත් ළගම ඇති පොලිසියට හෝ මහාභාගය පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ව්‍යාජ ලිපිනයක් ලබාදී තිබෙන බවත් පොලිස් විමර්ශනවලදී ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයා සොයා ගැනීමට පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ව්‍යාජ ලිපින ලබාදී ඇතුළත් වන කොවිඩ් රෝගීන්ට එරෙහිව කූඨ ලේඛන සකස් කිරිමේ නිතිය යටතේ නඩු පවරන බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු සොයා ගැනීමට මහජන සහාය පතන බවද සදහන් කළේය.

t

o

p