රිය අනතුරින් මවක් සහ අවුරුදු තුනහමාරක දරුවා මරුට

December 16, 2020

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ පහල බලල්ල ප්‍රදේශයේ දි පාර මාරුවීමට ගිය මවක් හා ඇගේ පිරිමි දරුවා කැබ් රථයක ගැටී ඊයේ (15) සවස මියගොස් ඇත.

මෙලෙම මරණයට පත්ව ඇත්තේ පහළ බලල්ල ප්‍රදේශයේ පදිංචි 32 දෙහැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකි.

මව හා දරුවා මාර්ගය හරහා ගමන් කරද්දි අනුරාධපුර දෙසට ධවනය වූ කැබ් රථයක ගැටී ඇති අතර අනතුර වන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය. කැබ් රථයේ සිටි 8 දෙනෙකු මේ වන විට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇතත් රියදුරු පලා ගොස් ඇති බවද ඔහු සදහන් කරයි.

රියදුරු හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මක බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා කැබ් රථයේ තිබි බියර් කෑන් කිහිපයක් ද සොයා ගෙන ඇතැයි පැවසීය. මේ වන විට මහා මාර්ගයන් හි අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය ඉහඝ ගොස් ඇති බැවින් නොසැලකිලිමත් හා බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමට විශේෂ රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පැවසීය

t

o

p