නිරෝධායන නීති කඩන බස් සොයා පොලිස් මෙහෙයුම් දිගටම

December 16, 2020

නිරෝධායන නීති කඩකරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් හි මගීන් රැගෙන යන්නේදැයි සොයා පොලිස් නීරික්ෂණ අද (16) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් නීරෝධායන නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් ඒ අනුව මගී ප්‍රවාහන කටයුතු සිදුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව නියමිත ප්‍රමාණයට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කළ නොහැකි බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා පොදු මගී ප්‍රවාහන සේවාවන් හි හිමිකරුවන්, රියදුරන් හා රිය සහායකයින් ආසන සංඛ්‍යාවට වැඩියෙන් සිටගෙන මගීන් ගෙන යා නොහැකි බවද ප්‍රකාශ කළේය.

එලෙස නියමිත සංඛ්‍යාවට වැඩියෙන් මගීන් ප්‍රවාහනය නොකරන ලෙස බස්රථ හිමිකරුවන්, රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ ඉල්ලා සිටින බවත් දිගින් දිගටම නිරෝධායන නීති කඩකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.

t

o

p