ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන සෙයන්න රස පරික්ෂක අදත් අලුත් කඩේ යයි

December 16, 2020

උපරිමාධිකරණ සංකිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටසේ බිම් මහලේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අද (16) දිනයේත් රජයේ රස පරික්ෂකවරයා ඇතුළු පිරිස විමර්ශනයන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ ගොනැගිල්ලේ ගින්න සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුතු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් ඊයේ (15) දිනයේදීම නඩත්තු අංශයේ හා ආරක්ෂක අංශයේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත බව පැවසීය.

අද දිනයේදිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය ස්ථානීය විමර්ශන පවත් වන බවද ඒ මහතා සදහන් කළේය. ගින්න ඇතිවූ ඊයේ දිනයේදීම විදුලි ඉංජිනේරුවරයාත්, රජයේ රස පරික්ෂකවරයා ස්ථානය නිරික්ෂණය කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

උපරිමාධිකරණ සංකිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ අබිලි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර එහි තිබු ඉවත් කරන ලද වායු සමීකරණ පද්ධතියක් ගින්නෙන් විනාශ වී ඇති බවද ඔහු සදහන් කළේය. සවස 4.25 ට පමණ ගින්න හටගෙන ඇති අතර කොළඹ නගර සභා ගිනි නිවිම් ඒකකය මෙන්ම ගුවන් හමුදා ගිනි නිවිම් ඒකකය එක්ව ගින්න නිවාදැමූ බවද කී මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනවලට මෙම ගින්නෙන් කිසිදු හානියක් වී නැතැයි ද සදහන් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවද ඔහු කීවේය

t

o

p