මහසෝනාගේ නංගිගෙ පුතාගෙනුත් කොරෝනා පැණියක්?

December 16, 2020

අද දවසේ රටේ ජනතාව මුහුණ දෙන ජීවත් වීම පිළිබඳ ගැටළුව අබිබවා කොරෝනා
පැණිය  ගැන මාතෘකාව අතිශය ජනානන්දනීය එකක් වෙලා තියනවා. මොකක් හරි ඖෂධයක්
හරි, එන්නතක් හරි මිනිසුන්ට දීලා ඉවර වෙලා ඒක හොඳ නැහැ කියලා ඔප්පු කරන්න
කියන ජනතාවක් ඉන්න ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒක හරියට මිනී මැරුම්
චූදිතයෙකුට මරණ දඬුවම පනවලා ඉවර වෙලා නඩු විභාගය පටන් ගන්නවා වගේ වැඩක්.
 නමුත්, බටහිර බෙහෙත් නියම කරන සාමාන්‍ය ක්‍රමය පර්යේෂණ වට කිහිපයකින්ම
සාර්ථක බව පෙන්වූ පසුව විතරක් මිනිසුන්ට දීමයි.

මගේ මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය මේ පැණියම නොවේ . නියම බෙහෙතක් එළි
දැක්වීමේ ක්‍රමය පෙන්වා දී බෙහෙත් ගැන වංචාකාරයන් ට හසු නොවී සිටීම ගැන
කියා දීමයි.

  මම දන්නා විදිහට ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම තුළ ද්‍රව්‍ය ගුණ
විඥානය කියන විෂය පථයට යටත් ව යම් යම් ඖෂධීය පදාර්ථ පිළිබඳ මූල ධර්මීය
වශයෙන් සළකා බැලීමක් කෙරෙනවා. ඒ අනුව එක් එක් ඖෂධ පදාර්ථ මඟින්
පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වන බලපෑම වෙනම විමසා බැලෙනවා. ඒත්
දෙවිවරු, මියගිය ඥාතීන් සිහිනෙන් කියූ බව පැවසෙන මේ ඕපපාතික “පැණි කලාව” ට
එහෙම මූල ධර්මීය පදනමක් නැහැ පසුගිය සතියේ ජ්‍යාත්‍යන්තර වෛද්‍ය සඟරාවල
පළ වූ පරිදි කොවිඩ් 19 ඇති කරන වෛරසය පැය 24න් අක්‍රිය කළ හැකි Molnupiravir නමැති නවතම ඖෂධය සොයා ගත් ඇමරිකාව මුලින්ම කළේ මොකක්ද දන්නවාද? එහි සාර්ථක භාවය, මුගටි වර්ගයක් භාවිතා කරමින් ලොවට ඔප්පු කරන සරල පර්යේෂණයක් සිදු කිරීමයි. මෙම මුගටි Ferret නමින් හඳුන්වනවා මෙම මුගටි එම වෛරසය ශරීරයේ තියාගෙන හැමතැනම පැතිරවීමට රුසියන් බව කියැවෙනවා.

මේ පර්යේෂණයේ ස්වාභාවය හරිම සරලයි පලමුව වෛරසය ඇති මුගටි රාශියක් අල්ලා ඔවුන්ව සමාන කාණ්ඩ 2 කට බෙදා කූඩු දෙකකට වෙන් කළා. ඒක කූඩුවක දැමූ මුගටින්ට ඉහත කී ඖෂධය ලබා දුන්නා. අනික් කූඩුවේ උන්ට දුන්නේ නැහැ. ඊට පස්සේ දවසේ වෛරසය නැති මුගටි සමාන සංඛ්‍යාවක්
ගෙන ඔවුන්ව හඳුනා ගැනීමට සලකුණක් තබා අර කූඩු දෙකට වෙන වෙනම දැම්මා.

එක්තරා කාල සීමාවකට පසු අලුතින් දැමූ සලකුණු කළ මුගටින්ට වෛරසය ඇතුලුවී
ඇති ආකාරය සොයා බැලුවා. පුදුමයකට වගේ ඖෂධය ලබා දුන් මුගටින් සිටි කූඩුවටට පසුව සලකුණු දමා ඇතුල් කරපු අලුත් මුගටින්ට වෛරසය ඇතුලුවී නැති බව ඔප්පු වුණා. ඖෂධය ලබා නොදුන් මුගටි
හිටපු කූඩුවට දැමූ සලකුණු කල අලුත් මුගටින්ට වෛරසය ඇතුලුවී තිබුණා.මේක පුංචි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඖෂධය ගත් විට වෛරසය ශරීරයේ අක්‍රිය වන නිසා ඖෂධය ලබා දුන් මුගටින් සිටි කූඩුවට දැමු අළුත් මුගටින්ට එය බෝ නොවුණු බවයි.

ඒ අනුව ඒ ඖෂධයේ සාර්ථක බව මූලික වශයෙන් ඔප්පු වී ඉවරයි.  දැන් ඒ ඖෂධය
මිනිස් සිරුරට අතුරු පල දෙන විදිහ සොයන සායනික පරීක්ෂණ පටන් අරන්.
මිනිසාට ඒ ඖෂධයෙන් ඇතිවන දිග හා කෙටි කාලීන අතුරු පල ගැන සොයා බැලීම
ඒ මඟින් සිදු කෙරෙනවා. එම බැරෑරුම් හා වගකීම සහගත කටයුත්ත සඳහා
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසුන් සඳහා ඖෂධය ලබාදී එය මහජනයා සඳහා
නිකුත් කිරීමට අනුමැතිය ලබාගැනීමයි ඊළඟට සිදුවිය යුත්තේ.ඒ කටයුතු වල දී ඒ සඳහා සිය කැමැත්තෙන් පෙනී සිටින්නවුන් ඒ සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු අතර ඒ
කටයුත්තට පෙනී සිටීමට කලින් නෛතික ගිවිසුමකට ද ඔවුන් එකඟ විය යුතුයි.

ඇමරිකාවේ  තත්වය එසේ සිදු පවතින අතරේ අපි බලමු;අපේ රටේ තත්වය. මේ පැණි
බෙහෙත් වර්ගයක් තනපු බව කියන එක්තරා පුද්ගලයෙක් ඒක ගැන කිසිදු
විද්‍යාත්මක සායනික හෝ අඩුම ගණනේ ආයුර්වේදීය වශයෙන් ද්‍රව්‍ය මූලමය
විමර්ශනයකට පෙර එය අපේ රටේ පාර්ලිමේන්තුවට අරගෙන ගිහින් එය කතානායක වරයා
ඇතුළු මන්ත්‍රීන් පිරිසකට බීමට දෙන හැටි අපි දුටුවා. ඒ අනුව ඇමරිකාවේ
මුගටි පර්යේෂණය අපේ රටේ පාර්ලිමේන්තුවේ දී දේශපාලනඥයන් මුල් කොට සිදු කළ
බව කියමින් යමකුට අප රටේ උත්තරීතරම ආයතනයපිළිබඳ අපහාස උපහාස කතා ගොඩ
නඟන්නටත් පුළුවන්. මේක මොන තරම් නම් නරක තත්වයක්ද? අද අපේ රටේ  මතු වෙලා
තියන මේ අවාසනාවන්ත තත්වය යටතේ මුකරි කමක්. වාචාල කමක් තිබෙන කාට හෝ
රූපවාහිනියක් අල්ලාගෙන තමන් නිපද වූ  පැණිය ගත්විට වෛරසය අක්‍රිය වන බව
කියන්න පුළුවන්. මාධ්‍ය ආයතනත් අද හොය හොයා ඉන්නෙ ඒ වගේ ජන හදවත්
ප්‍රමුදිත කරවන නිවුස්. මොකද ඒ නිවුස් වලට “සාදර අනුග්‍රහය”දක්වන කොම්පැනි
වලට ඕනේ ඒවා බලන පිරිස වැඩිවීම මිසක් ඒ ප්‍රවෘත්ති වල තියන ආචාර ධර්මීය
බව හෝ ගුණාත්මක බව නෙවෙයි.

ප්‍රමුදිත කරවන නිවුස්. මොකද ඒ නිවුස් වලට “සාදර අනුග්‍රහය” දක්වන කොම්පැනි
වලට ඕනේ ඒවා බලන පිරිස වැඩිවීම මිසක් ඒ ප්‍රවෘත්ති වල තියන ආචාර ධර්මීය
බව හෝ ගුණාත්මක බව නෙවෙයි.

එක අතකින් බලන කොට අපේ රට  විස්මලන්තයක් කියන්නත් පුළුවන්.කිසියම්
තැන්පත් මුදලකට හිතා ගන්න බැරි ලොකු පොලියක් දෙනවා කිව්වම අපේ ශ්‍රී
ලංකාවේ වැඩි දෙනෙක් අතේ තියෙන හැම සතේම එතැනට දානවා, සල්ලි ගොඩක් හොයන්න.
එහෙම පොලී ගෙවන්න ඒ ෆිනෑන්ස් කොම්පැනියට තියන හැකියාව මොකක්ද? කියලා
නිකමට වත් හිතන්නේ නැහැ. අන්තිමේ කොම්පැනිය අතුරුදන්.
ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩු ඉතාම අඩු මුදලට දෙනවා; දැන් මුදල් දෙන්න, බඩුව
ලැබෙන්නේ හැබැයි මාසයකට පසුව කිව්වම දහස් ගණන් සල්ලි බඳිනවා බඩු ගන්න.
පස්සෙ බලනකොට එහෙම කොම්පැනියක් තුන් ලෝකෙම නැහැ.යාලුවො දහ දෙනෙකු මේ
ලොතරැයිය බඳවා ගත්තොත් ඔයාට මේ මුදල නොමිලේ කිව්වම ඉක්මනට සල්ලි දීලා ඒකට
බැඳෙනවා. අන්තිම හරියෙදි ලොතරැයි කාරයා අතුරුදහන්.

යාළුවෝ ඇවිත් සල්ලි ඉල්ලලා මරාගෙන කන්න හදනවා අපේ රටේ “සක්විති”ලා බිහි
වෙන්නෙ මෙන්න මේ අනුවණ කම් නිසයි. මී පැණි උණු කරලා හදන පැණි බීපුවම කොරෝනා ඇඟෙන් යනවා කියලා දැන් සමහරු කියනවා. නමුත් ඔය මී පැණි  උණු කරන කතාව ගමේ ගොඩේ වෙද මහත්තුරු එක්ක නම් කියන්න එපා. මොකද උපන් හදවියකට අහලා නැති ඔය කතා අහලා ඒ මිනිස්සුන්ගේ ප්‍රෙෂර් නඟින්න පුළුවන්.අනික ඔය පැණි මුළු රටටම බෙදන්න පුළුවන් කිව්වට
උණු කරන්න මෙච්චර මීපැණි කොහෙන්ද කියල හිතල බැලුවද? ඔය කතාව ඇත්ත නම් මුළු
ආසියා මහාද්වීපයේ තියන සේරම මීපැණිත් අපේ රටේ අවශ්‍යතාවයෙන් අළුක්කාලක්
වත් වත් පිරිමහගන්න බැහැ , දැනට තියන ඉල්ලුමේ හැටියට.කොහොම හරි රාවණා
රජතුමාගේ පරම්පරාවෙනුත් දැන් පැණියක් හොයාගෙන කියලා පහු ගිය දවසක කවුරු
හරි කිව්වා.පුදුමේ තියෙන්නේ ඒ පැණියේ නෙවෙයි ,පරම්පරා කතාවේ. ඒ කියපු
හාදයා රිටිගල පැත්තෙලු. රිටිගල කිව්වාම මට මතක් වෙන්නේ අපි කවුරුත් දන්න
මහසෝනාව. මහසෝනාගේ ගමත් රිටිගල කියලනේ කියන්නේ .හැබැයි දැන් මේ තියන “පැණි
ඇම්මේ” හැටියට මහසෝනගේ නංගිගේ පුතාත් තවත් කොරෝනා පැණියක් අරගෙන මාධ්‍ය
සාකච්ඡාවක් තිබ්බොත් පුදුම වෙන්න එපා. මොකද? ඉස්සර පච ගස් යට හිටපු  තෙල්
බෙහෙත් වෙළෙන්ඳන්ට දැන් මාධ්‍ය ආයතන පැ‍ය විසි හතරම විවෘතයි. කොහොමත් මෑත
ඉතිහාසයේ පැමිණි සියළු ගෝලීය වසංගත වගේම මේ වසංගතය පැතිරීම හෝ පාලනය
විද්‍යාත්මක චින්තනය සහ ක්‍රමවේද මත පදනම් වන බව කිව යුතුයි. හිට්ලර්
කියන්නේ මෑත ඉතිහාසයේ ලෝකයේ පහළ වුණු බිහිසුණුම ඒකාධිපතියෙක් නම්
තමයි. නමුත් හිට්ලර් තමන්ගේ සේනාවට කිව්වාලු මෙහෙම”උඹලා දෙවියන් යැද්දාට
මට කමක් නැහැ. හැබැ‍යි ඒ අතරේ වෙඩි බෙහෙත් නම් තෙමෙන්න අරින්න එපා”

විශේෂඥ
වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

t

o

p