රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමති සී.අයි.ඩි අත්අඩංගුවේ

December 15, 2020

ලංකා සතොස සතු වාහන ඉකුත් යහපාලන රජය සමයේ අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම චෝදනාවටම මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගත් බවත්  ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඔවුන් 2015ත් 2019ත් අතර කාලය තුළ මෙම අවභාවිතයන් කර ඇති බවට වාර්තා වෙන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සැකකරුවන් ව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවද කීවේය.

අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා  හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකු බවද වාර්තා වේ.

t

o

p