මවගේ අවමගුලට පැමිණ විෂ මත් පැන් බිව් දෙසොහොයුරෝ මරුට

December 15, 2020

මිරිගම ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පෙරේදා (13) දා රාත්‍රීයේ පානය කළ මත් පැන් වර්ගයක් විෂ වී රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (14) මිය ගොස් ඇත.

මොවුන්ගේ මව ඉකුත් දා මිය ගොස් ඇති අතර එම අවමගුට සහභාගීවිම සදහා මොවුන් දෙදෙනා මීරිගම ප්‍රදේශයට පැමිණ තිබේ.

එහිදි මොවුන් තවත් දෙදෙනෙකු සමග එකතුවී එම ප්‍රදේශයේම පුද්ගලයෙකු දුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කර ඇති අතර එයින් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීරීගම, කොට්ටවත්ත ප්‍රදේශයේ පැවැති අවමගුලට පැමිණි අවස්ථාවේ මෙලෙස මත් පැන් පානය කර තිබේ. මත්පැන් විෂ වී මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හා 47 වැනි වියේ පසුවන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බවත් ඉන් එක් අයෙකුගේ මෘතදේහය මීරිගම රෝහලේත්, අනෙක් තැනැත්තාගේ මෘත ශරීරය වරකපොල රෝහලේත් තැන්පත් කර තිබේ.

මිය ගිය අය සමග මත් පැන් පානය කළ තවත් අයෙකුද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය විමර්ශන කරන බව සදහන් කළේය.

t

o

p