ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 ක් හා ස්ථානාධිපතිවරුන් 2 ක් මාරු කරයි

December 8, 2020

සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කිරිමට පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා කටයුතු යොදා ඇත.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන පොලිස් සහාය සේවා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස පත් කර ඇත.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ එම පළාත තුළම තවදුරටත් කටයුතු කරනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එන්. එෆ්. යු ප්‍රනාන්දු පොලිස් මූලස්ථානයේ සිට කොවිඩ් 19 අධික්ෂණ රාජකාරි ලෙස පත් කර තිබේ.

සබරගමු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර ඊට අමතරව ඌව පළාතේ වැඩ ආවරණ කටයුතු සදහා ද පත් කර ඇත.

නැගෙනහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි.ජි. නිලන්ත ජයවර්ධන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. එස් පතිනායක මධ්‍යම පළාතේ සිට අපරාධ, සංවිධානාත්මක අපරාධ, අපරාධ බුද්ධි, ළමා හා තාන්තා අපයෝජන කාර්යාංශය, මත්ද්‍රව්‍ය නාශක හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

අපරාධ, සංවිධානාත්මක අපරාධ, අපරාධ බුද්ධි, ළමා හා තාන්තා අපයෝජන කාර්යාංශය, මත්ද්‍රව්‍ය නාශක හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එල්. ඒ. එස් ප්‍රියන්ත සහායක සේවා හා සබරගමුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.

ඊට අමතරව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඩබ්ලිව්.බි.ජේ. බණ්ඩාර නුවරඑළිය කොට්ඨශයේ සාමාන්‍ය රාජකාරි සදහාද, වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම්.පි.බි විජේසූරිය ගම්පහ කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සදහා ද මාරු කර යවා ඇත.

t

o

p