මහර රැදවියන් ෆාමසිය බිද ලබාගත් ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥ මත ගනී

December 8, 2020

මහර බන්ධනාගාර කැරැල්ල ඇතිවූ දින බන්ධනාගාර ෆාමසිය තුළ තිබි රැදවියන් ලබාගත් බව කියන ඖෂධ පෙති සම්බන්ධයෙන් විශේෂඥ මත කිහිපයක් ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එම විශේෂඥ මත ලබාගැනීමෙන් පසුව එළැබෙන නිගමනයන් අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද ඔහු කීවේය.

මහර බන්ධනාගාර කැරැල්ල සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විසි පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් ඊයේ (07) දිනයේ නිලධාරීන් 09 ක් සහ රැදවියන් 22 ක් සහ එක් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම ප්‍රකාශයත් සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව 141 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවද ඔහු සදහන් කළේය.

මිය ගිය 11 දෙනාගෙන 07 දෙනෙකුගේ මෘත ශරීර හදුනාගෙන තිබෙන අතර අධිකරණ නියෝග ලැබෙන තෙක් එම ශරිර ආදාහනය නොකරන බවද පැවසීය.

t

o

p