පසුගිය රජය කුලියාපිටියේ ආරම්භ කිරීමට සැලසුම් කළ තාක්ෂණ පීඨය කොළඹට ගේනවා – අධ්‍යාපන ඇමති

December 4, 2020

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නාරංගල්ල වතුයායේ පිහිටි ඉඩමක පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු තාක්ෂණ පීඨය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (04)  පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, කුලියාපිටිය ප්‍රදේශයේ තාක්ෂණ පීඨයක් ආරම්භ කිරීම කිසිවිටකත් ප්‍රායෝගික නොවන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදු කර ඇති ව්‍යාපෘති සඳහා මුදල් අවභාවිත කර ඇත්නම්, ඒ සම්බන්ධව කඩිනමින් සොයා බලා, වගකිව යුත්තන්ගෙන් මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරිස් මහතා වැඩිදුරටත් කීවේය.

t

o

p