මහජන සෞඛ්‍ය පරීක්ෂකට කෙළ ගැසූ රෝගියා 17 දක්වා රිමාන්ඩ්

December 4, 2020

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගියෙකු රෝහල වෙත රැගෙන ඒමට ගිය සෞඛ්‍ය කණ්ඩායමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසු එම රෝගියා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර තිබේ.

ඉකුත් 02 දා කොවිඩ් ආසාදිත රෝගියා රෝහල වෙත රැගෙන යාමට ගිය සෞඛ්‍ය කණ්ඩායමට අසභ්‍ය ලෙස බැණ වැදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ බණ්ඩාරගම පොලිසිය අද පෙරවරුවේ එම රෝගියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඉන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් එහිදි සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවට හා විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා මහජන සෞඛ්‍ය පරික්ෂක සහභාගී වි සිටි බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා සෞඛ්‍ය ආරක්ෂික ත්‍රම අනුගමනය කරමින් සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසීය.

බන්ධනාගාර ගත කරන ලද සැකකරු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කරන බවත් නිරෝධායන නීති හා රාජකාරියට බාධා කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කළේය.

t

o

p