අපරාධ මැඬලීමේ කටයුතුවල දී, ඉකුත් වසර 05 ට පොලිස් නිලධාරින් 15 ක් ඝාතනය වෙලා – මහජන ආරක්ෂක ඇමති

December 4, 2020

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව 15 ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් අචාර්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සහ රථවාහන සම්බන්ධ රාජකාරිවල දී ඔවුන් ඝාතනයට ලක් ව ඇති බවයි.

මිය ගිය එම පොලිස් නිලධාරින්ගේ පවුල්වල සුබසාධන කටයුතු වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද, සරත් වීරසේකර මහතා එහි දී අවධාරණය කළේය.

t

o

p