මුහුණු පොතේ එල්.ටි.ටි.ඊ ය සමරා හසුවෙයි

November 27, 2020

එල්.ටි.ටිඊ ත්‍රස්තාවදීන් සැමරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ගෙන තිබියදී අන්තර්ජාලය ඔස්සේ හා මුහුණු පොතෙන් සැමරුම් නිරූපණය කළ පුද්ගලයන් 4 ක් එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මොවුන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් වීරත්වයෙන් දක්වමින් ත්‍රස්තවාදීන් සැමරීම සහ එහි වටිනාකම් ගැන විවිධාකාරයේ අදහස් අන්තර් ජාලය හා මුහුණු පොත ඔස්සේ නිර්මාණය කර තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මොවුන් එරාවුර් පොලිස් වසමේ චෙංකලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර එරාවුර් පොලිසිය විසින් ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදීණ් සැමරීමට එරෙහිව අධිකරණ නියෝගයක් පොලිසිය විසින් ගෙන ඒ පිළිබදව උතුරු නැගෙනහිර සැමට දැනුම් දී තිබියදී මෙලෙස අන්තර් ජාලය ඔස්සේ මොවුන් කටයුතු කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

t

o

p