ගිනි අවි අලුත් වැඩියා කරන ස්ථානයක් මොණරාගලින් අල්ලයි

November 27, 2020

එම මෙහෙයුමේදි විදේශ රටක නිෂ්පාදිත බොර 12 ගිනි අවි 4 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 66, 59 හා 33 යන වයස් කාණ්ඩයේ පුද්ගයන් බවත් ඔහු සදහන් කළේය.

එහිදි දේශීය වශයෙන් ගිනි අවි අලුත් වැඩියාවට යොදා ගන්නා ලද ස්ථානයක් සොයා ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එහි තිබි ගිනි අවි අලුත්වැඩියාවට යොදා ගන්නා මෙවලම් කිහිපයක් ද සොයාගත් බව පැවසීය.

පානදුර මධ්‍යම දූෂණ මර්ධන ඒකකය මොණරාගල, වැල්ලවාය යන ප්‍රදේශවල නිරන්තර පරික්ෂා කිරිම් කරනුයේ කංසා වගාකරන්නන් මෙවැනි ගිනි අවි තබාගනිමින් එම නීති විරෝධි ක්‍රියාව කරන බැවින් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

t

o

p