අටුලුගම සමහරු PCR පරීක්ෂණ මඟහරින බවට චෝදනාවක්

November 27, 2020

පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් විසිදෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි.

එමෙන්ම එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනෙකුට රෝගිවී වී ඇති බව තහවුරු වුණි.

ඒ අනුව, අටුලුගම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 164 කි.

මේ අතර අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා ඊයේ චෝදනා කළේය.

t

o

p