අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

November 27, 2020

‘අංගොඩ ලොක්කා’ නැමැත්තාගේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා දැක බලාගැනීමට මහජනතාවට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ තිබියදී අතුරුගිරිය පොලිසිය මෙම උකුස්සා සොයා ගනු ලැබූ අතර පසුව එම උකුස්සා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන ලෙස පවසා තිබූ නමුත් මහජන ප්‍රදර්ශනය සඳහා නොතබන ලෙස නියෝගයක් කර තිබුණි.

t

o

p