හැටෙන් පැන්ෂන් ගියොත් තරුණ තරුණියන්ට රැකියා ප්‍රශ්න

November 21, 2020

අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් 18%ක් වන මෙරට ‘තරුණ විරැකියාව’ තවදුරටත් ඉහළ යනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය (FTZMA) පෙන්වා දෙයි.

එම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එහි වාසි අවාසි පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසද FTZMA රජයෙන් ඉල්ලා සිටී. FTZMA යනු ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයකු මෙන්ම කම්කරු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විෂයභාර ඇමැතිවරයාට උපදෙස් ලබාදෙන ත්‍රෛයිපාර්ශවීය කමිටුවේ පාර්ශ්වකරුවෙකි.

ජනාධිපතිවරයාට සහ තවත් පාර්ශ්ව කිහිපයකට ලිපියක් යොමු කරමින් FTZMA පෙන්වා දෙන්නේ නෛතික විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පෙර, සිය වයස්ගත සේවකයන් අපේක්ෂිත කාලයට වඩා දිගු කලක් සේවයේ තබා ගැනීමට අවස්ථාව පවතීද යන්න කෙරෙහි සමාගම් අවධානය යොමු කළ යුතු බවයි.

t

o

p