රනිල්ට ආ යෝජනාව

November 21, 2020

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිදූරය භාරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයට අඛණ්ඩව නායකත්වය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවධාරණය කර තිබෙනවා.

පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් රටට හෝ පක්‍ෂයට අත්වන යහපතක් නොමැති බවද අවධාරණය කර ඇති එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක් දක්වා ගමන් කරමින් ඇති බවයි.

එම අනතුරෙන් රට මුදවා ගැනීමටත් පක්‍ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යාමත් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරත විය යුතු බව මේ වන විට ඉදිරිපත් වී ඇති යෝජනාවයි.

වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග, නවීන් දිසානායක, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුළු පක්‍ෂයේ ප්‍රබලයින් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

ඔහුගේ නිවසටම ගොස් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

t

o

p