කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ ඩිජිටල් විසදුම සෑම රාජ්‍යය ආයතනයකම ක්‍රියාත්මක කරන්නැයි චක්‍රලේඛයක්.

November 20, 2020

කොවිඩ්  19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා  පුරවැසියන්ගේ සංචරණ කලමනකරණය කිරීමේ  අරමුනුකරගනිමින්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනය  විසින් හදුන්වාදුන්  “සුවෙන් සිටිමු “stay safe ඩිජිටල් විසදුම  සියලුම රාජ්‍යය ආයතනවල ක්‍රියාත්මක කරනලෙස  ඉල්ලාසිටිමින්  ජනාධිපති  ලේකම්  ආචාර්ය  පි බි   ජයසුන්දර මහතා වීසින් චක්‍ර ලේඛ යක් නිකුත්කර තිබේ.

ඒ ඒ ආයතනවල කාර්යය මණ්ඩලවල හා සේවලබාගැනීමට පැමිණෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සදහාවූ මෙම ඩිජිටල් විසදුම ක්‍රියාත්මක කිරීමේ  වගකීම එම ආයතන ප්‍රධානීන්ට පැවරේ . ජනාධිපතිවරයාගේ උපදෙස්පරිදි මෙම ඩිජිටල් විසදුම ක්‍රියාත්මක කෙරේ. මෙම චක්‍ර ලේඛය අමාත්යංශ  ලේකම්වරුන්,   රාජ්‍යය  අමාත්‍යංශ  ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික්  ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍යය  සංස්ථා / ව්‍යස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත්කර තිබේ .

නව සාමාන්‍යය  තත්ත්වයන් යටතේ කොවිඩ් 19 වෛරසය අසාදනය වන්නන්ගේ සංචරණයන් හා ආශ්‍රීතයන් හඳුනා ගැනීමත් නීරෝගී පුද්ගලයින් හට නිදහස් සංචරණය සඳහා අවස්ථාව ලබා දීමත් යන මූලික කරුණු 2 ක් වෙත මෙහිදී අවධානය යොමුකරතිබේ.  . “සුවෙන් සිටිමු” stay safe ඩිජිටල් විසඳුම සරල සහ භාවිතයට පහසු විසඳුමක් වන අතර කොවිඩ් 19 නිවාරණය සඳහා සම්බන්ධ වන සියළු පාර්ශ්වයන්ට මෙන්ම රාජ්‍ය හා වාණිජ්‍ය ආයතන සඳහාත් සියළුම පුරවැසියන්ටත් ඵලදායී විසඳුමක් ලෙස භාවිතා කළ හැකිය.

මෙම ඩිජිටල් විසඳුම  ආයතන පරිශ්‍රයන්හි ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතුය.

1.සෑම රාජ්‍යය  ආයතනයක්ම www.staysafe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය යුතු අතර ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරය ලියාපදිංචි වන අවස්ථාවේදීම භාගත කරගත හැකිය. භාගත කරගනු ලබන පෝස්ටරය මුද්රණය කර ආයතනයට ඇතුළු වන සියළුම ස්ථානයන්හි පැහැදිලිව පෙනෙන ලෙස ප්‍ර දර්ශනය කළ යුතුය.

2.ආයතනයෙන් පිටවීම සඳහා වෙනත් දොරටු පවතීනම් එම සියළුම ස්ථානයන්හි ද ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරයෙහි පිටපතක් මුද්රණය කර ප්‍ර දර්ශනය කළ යුතුය.

3.ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන ආයතනයේ සියළු නිළධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ්‍ර යට පිවිසීමේදී QR කේතය නිවැරදිව ස්කෑන් කර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයට ඇතුළු විය යුතුය.

4.ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා නොකරන සියළු නිළධාරීන් සහ ආගන්තුකයන් හට ආයතන පරිශ්රයට පැමිණීමේදී කෙටි පණිවුඩ ක්‍ර මවේදය භාවිතා කළ හැක.

5.ආයතනයේ සියළු නිළධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ්රයෙන් පිට වීමේදී නැවත වරක් QR කේතය නිවැරදිව ස්කෑන් කර ඒ බව තහවුරු කර ආයතනයෙන් පිට විය යුතුය. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා නොකරන සියළු නිළධාරීන් සහ ආගන්තුකයන් ආයතන පරිශ්‍ර යෙන් පිටවීමේදී නැවත වරක් 1919 අංකයට කෙටි පණිවිඩයක් යොමුකර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයෙන් පිට විය යුතුය.

6.            සියළුම සේවකයන් සහ ආගන්තුකයන් පැමිණි බව සහ පිටවූ බව නිවැරදිව සළකුණු කරන්නේද යන්න සෑම විටම තහවුරු කර ගත යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර 0768254047 ,0718327380 ,0772954866  ඇමතීමෙන් දැනගත හැකිවේ. එසේම hello@staysafe.gov.lk වෙත ඊමේල් පණිවුඩයක් යොමු කිරීමද සිදු කළ හැක.

t

o

p