කොරෝනාවට ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය මවගේ දරුවා සොයා ගනියි

November 20, 2020

කොරෝනා අසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මව  රැගෙන ගිය පුතු ඇහැලියගොඩ ප්‍රදේශයේදි අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

එම මව සිය පුතුද රැගෙන ඊයේ (19) රාත්‍රියේ රෝහලෙන් හොර රහසේ පිටව ගොස් ඇති බව පොලිසිය සදහන් කළේය. විසි පස් වන වියෙහි පසුවන මව සිය අවුරුදු දෙකක සිගිති පුතුද රැගෙන හොර රහසේ පිටව ගොස් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ශාති නිවසකට බාර දී ඉන් පිටව ගොස් ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

පොලිස් භාරයට ගත් දරුවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් යළිත් අයි.ඩි.එච් රෝහලට වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

එම කාන්තාව  හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළේය. පැනගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

t

o

p